Thursday, May 2, 2013

ජාවා භාෂාවේ ඉතිහාසය

Java father of James Gosling

James Gosling ,Mike Sheridan සහ Patrick Naughton යන අය ඇතුලු "Green Team" නමින් හැන්දින්වු කන්ඩායම 1991 ජූනි මාසය පමන වන විට "Green Project" ව්‍යපෘතිය ආරම්භ කරන ලදී. මෙම ක්‍රම ලේඛන භාෂාව මුලින්ම "oak" ලෙස හඳුන්වන වනු ලැබූ අතර,James Gosling ගේ කාර්යාලය ඉදිරිපිට තිබූ "ඕක්"(oak) ගසක් එයට හේතු වූ බව සඳහන් වේ. පසුව එය "ග්‍රීන්"(Green) ලෙස වෙනස් වූ අතර, අවසානයේදී සසම්භාවීව තෝරා ගත් වචන සමූහයක් අතරින් "ජාවා" යන නමින් නම් කරනු ලැබීය. Sun Microsystems විසින් 1995 වර්ෂයේදී ජාවා පරිගනක භාෂාව මුලින්ම මහජනයා වෙත ඉදිරිපත් කරන ලදී (2010 ජනවාරි 27 වන දින සිට Oracle corporation විසින් අත්පත් කරගන්නා ලදී ).එය එවකට ජනප්‍රිය පද්ධති වෙනුවෙන් වියදම් රහිත භාෂාවක් ලෙස ප්‍රචලිත විය.

ජාවා භාෂාව ගැන

ජාවා යනු පරිගණක ක්‍රමලේඛණය කිරිමට හාවිතා කරයි. Sun Microsystems නැමැති ආයතනය විසින් 1995 වර්ෂෙය්දි හදුන්වාදෙන ලදි. මෙය C සහ C++ යන පරිගණක ක්‍රමලේඛණ හාෂා වලට සමානකම් දැක්වුවද ඊට වඩා වැඩි පහසුකම් අන්තර්ගතය. ජාවා වැඩසටහන් bytecode නැමැති ක්‍රමයට පරිවර්තනය කොට "ජාවා වැඩකරන පරිසරය" තුල ක්‍රියාත්මක වේ. "ජාවා" යනු දැනට භාවිතයේ පවතින ජනප්‍රියතම ක්‍රමලේඛන භෂාවක් වන අතර,එය පරිගනක යෙදවුම් මෘදුකාංග (Computer Application Software) සැකසීමේ සිට වෙබ් යෙදවුම් (Web Application) දියුණු කිරීම දක්වා වූ පුළුල් පරාසයක ව්‍යප්ත වී පවතී. නමුත් දැන් ජාවාහි අයිතිය Oracle ආයතනය සතුව පවති.

Thursday, April 4, 2013

ආයුබෝවන්...

ආයුබෝවන් මගේ blog අඩවියට පැමිණි ඔයාලට. ඉතින් යාලුවනේ කොහොමද? මම නම් blog එකක් ලියනවමයි මේ. කොහොම නමුත් වැඩේට බැස්සා. කලින් නම් මේක කරන්නේ කොහොමද කියල හිත හිත හිටියා. එක කරන්න ඕන කියලා හිතුනේ නිට්ටාවට අද තමයි. මම මේ blog එකෙන් ඔයාලට දෙන්නේ මම දන්නා JAVA computer language දැනුම හා වෙනත් computer technical tricks ඇතුළුව තව තව අනම්මනම් තමයි. හොදයි මම නම් JAVA computer language ගැන ටිකක් දන්නා පොරක් (පොරක්ම නෙවෙයි ඉතින් ඔය කීව්වට), ඒ කිව්වේ JAVA ගැන දන්නේ නැති අයට හොදේ, මොකද මාත් ඉගෙන ගන්නවනේ, ඒ දන්නා ටික ඔයාලට කියල දෙන්න මම මාර ආසාවකින් හිටියේ, හරි අද ඉදලා මාත් එක්ක රැදී සිටියොත් ඔයාලට JAVA computer language ගැන මුල ඉදලා කියාදෙන්න මම කැමතියි. JAVA computer language එක ඉගෙන ගන්න කැමති අයට පළවෙනි step එකේ ඉදල මම කියල දෙන්නනම්, එහෙනම් මා සමඟ රැදී සිටින්න. ඔයාලගේ JAVA language පිලිබඳ ගැටළු මා වෙත එවන්න. මා දන්නා, හැකි  අයුරින් ඒ පිලිබඳ ඔබට කියා දීමට මම කැමැත්තෙමි. තවද මා පලකරන සෑම ලිපියකටම ඔයාලා යොදන Comment එකෙන් ඔයාලගේ දැනුම දියුණුවත් මගේ මෙම blog එක දිගටම කරගෙන යාමට මහත් පිටුවහලක් වෙනවා. එහෙමනම් තවත් ලිපියකින් හමුවෙමු. මා හා දිගටම රැදී සිටින්න. ඔබ සැමට සුබ දවසක්.....