Thursday, April 4, 2013

ආයුබෝවන්...

ආයුබෝවන් මගේ blog අඩවියට පැමිණි ඔයාලට. ඉතින් යාලුවනේ කොහොමද? මම නම් blog එකක් ලියනවමයි මේ. කොහොම නමුත් වැඩේට බැස්සා. කලින් නම් මේක කරන්නේ කොහොමද කියල හිත හිත හිටියා. එක කරන්න ඕන කියලා හිතුනේ නිට්ටාවට අද තමයි. මම මේ blog එකෙන් ඔයාලට දෙන්නේ මම දන්නා JAVA computer language දැනුම හා වෙනත් computer technical tricks ඇතුළුව තව තව අනම්මනම් තමයි. හොදයි මම නම් JAVA computer language ගැන ටිකක් දන්නා පොරක් (පොරක්ම නෙවෙයි ඉතින් ඔය කීව්වට), ඒ කිව්වේ JAVA ගැන දන්නේ නැති අයට හොදේ, මොකද මාත් ඉගෙන ගන්නවනේ, ඒ දන්නා ටික ඔයාලට කියල දෙන්න මම මාර ආසාවකින් හිටියේ, හරි අද ඉදලා මාත් එක්ක රැදී සිටියොත් ඔයාලට JAVA computer language ගැන මුල ඉදලා කියාදෙන්න මම කැමතියි. JAVA computer language එක ඉගෙන ගන්න කැමති අයට පළවෙනි step එකේ ඉදල මම කියල දෙන්නනම්, එහෙනම් මා සමඟ රැදී සිටින්න. ඔයාලගේ JAVA language පිලිබඳ ගැටළු මා වෙත එවන්න. මා දන්නා, හැකි  අයුරින් ඒ පිලිබඳ ඔබට කියා දීමට මම කැමැත්තෙමි. තවද මා පලකරන සෑම ලිපියකටම ඔයාලා යොදන Comment එකෙන් ඔයාලගේ දැනුම දියුණුවත් මගේ මෙම blog එක දිගටම කරගෙන යාමට මහත් පිටුවහලක් වෙනවා. එහෙමනම් තවත් ලිපියකින් හමුවෙමු. මා හා දිගටම රැදී සිටින්න. ඔබ සැමට සුබ දවසක්.....

No comments:

Post a Comment